තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය බලධාරියාගෙන් යූ ටර්න් එකක් - වෛද්‍ය වර්ජනය නෑ

    සෞඛ්‍ය බලධාරියාගෙන් යූ ටර්න් එකක් – වෛද්‍ය වර්ජනය නෑ

    රජයේ වෛද්‍යවරුන් විසින් හෙට(24) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවයි.

    ඒ රජය විසින් මේ මාසයේ සිට වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිතව තිබූ රුපියල් 35000ක DAT දීමනාව අත්හිටුවීමේ ලිපිය අවලංගු බවට බලධාරීන් දන්වා සිටීමත් සමඟයි.

    වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

    ඒ සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    මේ අතර ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ද ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇතැයි වාර්තා වේ.

    මීට පෙර වෛද්‍යවරුන් ගෙන තිබූ වර්ජන තීරණයට හේතුවූ ලිපිය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img