Home උණුසුම් පුවත් ඔන්ලයින් ආරක්ෂණ කෙටුම්පත විවාදයට ගනියි

ඔන්ලයින් ආරක්ෂණ කෙටුම්පත විවාදයට ගනියි

ඔන්ලයින් ආරක්ෂණ කෙටුම්පත විවාදයට ගනියි

යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත (Online Safety Bill) අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

ඒ මෙම කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ විමසීම සඳහා පාර්ලිමේන්තුවේදී අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමඟය.

එම ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 83 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය දී තිබේ.

ඊට විපක්ෂව 50 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.

ඒ අනුව යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවූ අතර ඉන් අනතුරුව කෙටුම්පත විවාදයට ගන්නේද යන්න විමසීමට ඡන්දයක් පැවැත්විය යුතු බවට තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here