තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත ගැන ආ අලුත්ම තීරණය

    පොලී අනුපාත ගැන ආ අලුත්ම තීරණය

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වත්මන් මට්ටමේ ම තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9.00% මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 10.00% මට්ටමේ පවත්වා ගැනීමට තීන්දු කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(22) දින පැවති එහි රැස්වීමේදී මෙම පියවර ගෙන තිබේ.

    මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බව මහබැංකුව කියයි.

    මෙරට ආර්ථිකයට එහි ඉලක්ක කරා ළඟා වීමට හැකිවන පරිදි මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

    නුදුරු කාලීනව උද්ධමනය මත උඩු යටිකුරු පීඩනයක් ඇති කිරීමට ඉඩක් පවතින වත්මන් බදු අයකිරීම් සහ සැපයුම් යන සාධකවල මෑත කාලීන වර්ධනයන්හි බලපෑම් පිළිබඳව මණ්ඩලය මෙහිදී අවධානයට ලක්කර තිබේ.

    කෙසේ වෙතත්, මෙම වර්ධනයන්හි බලපෑම මධ්‍ය කාලීන උද්ධමනය පිළිබඳ දැක්ම ප්‍රමාණාත්මකව වෙනස් නොකරනු ඇති බව මණ්ඩලයේ අදහසයි.

    වෙළඳපල ණය පොලී අනුපාත අඩුකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිලාභය මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස සහ කඩිනමින් ලබාදිය යුතු බව මණ්ඩලය අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img