Home උණුසුම් පුවත් නාඩගම ඉවර නොකළ ‘විශ්ව බුද්ධා’ යළි අත්අඩංගුවට

නාඩගම ඉවර නොකළ ‘විශ්ව බුද්ධා’ යළි අත්අඩංගුවට

නාඩගම ඉවර නොකළ ‘විශ්ව බුද්ධා’ යළි අත්අඩංගුවට

විශ්ව බුද්ධා නමින් හඳුන්වා ගනිමින් බුදුදහමට නිගාදෙමින් ප්‍රකාශ සිදුකරන, රත්නපුරේ විමල බුද්ධි නමින් චීවරයක් දරන තැනැත්තා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසිනි.

මීට පෙරද මොහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඔහු මුදාහරින ලද්දේ දැඩි ඇප කොන්දේසි මත ය.

එසේ තිබියදීත් අධිකරණ නියෝග නොතකා බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන කටයුතුවල නිරතවීම නිසා මෙසේ යළි අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පිළිබඳ දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here