Home උණුසුම් පුවත් වර්ජනය කළ විදුලි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවයි

වර්ජනය කළ විදුලි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවයි

වර්ජනය කළ විදුලි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව පසුගියදා පැවති විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

විදුලිබල මණ්ඩලයට බිල්පත් ගෙවීමට උත්සාහ කළ පාරිභෝගිකයින්ට, මුදල් කවුන්ටරවල අයකැමිවරුන් ජනෙල් වසා වර්ජනයේ නිරත වීම හේතුවෙන් බිල්පත් ගෙවීමට නොහැකි වීම නිසා, විදුලි අයකැමිවරුන් පිරිසකගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.

විදුලි සේවාවන් හා සැපයුම්වලට බාධා වන පරිදි කටයුතු කරන විදුලි සේවකයින්ගේ සේවය අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා බලධාරීන් වෙත උපදෙස් දී තිබුණි.

වර්ජනයේ නිරත ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සහ සේවකයන්ට පසුගියදා අධිකරණය විසින් දින 14ක් සඳහා පැනවූ වාරණ නියෝගය උල්ලංගනය කිරීමට අදාළ නඩුව අධිකරණය හමුවේ ඊයේ කැඳවනු ලැබීය.

අධිකරණය විසින් ලබන පෙබරවාරි පළමුවැනිදා මීට අදාළ විරෝධතා ගොනු කරන ලෙස ද නියෝග කර ඇත.

එම විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව තවදුරටත් මෙම වාරණ නියෝගය පවත්වාගෙන යන්නේ ද නැද්ද? යන්න තීන්දු කරන බව ද අධිකරණය ප්‍රකාශ කර තිබේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පසුගියදා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී රටපුරා විදුලි වෘත්තිය සමිති සේවකයන් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබීය.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ වර්ජනය කිරීමේ අයිතිවාසිකමට මෙම වාරණය මගින් හානියක් වී නොමැති අතර විදුලි සැපයුම් හා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් පමණක් මෙම වාරණය ක්‍රියාත්මක බවයි.

සබැඳි පුවත්
වර්ජන කළ විදුලි සේවකයන්ගේ තොරතුරු ඉල්ලයි -සේවය අත්හිටුවීමට නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here