Home උණුසුම් පුවත් පාසලේ තමන්ගෙ පන්තියේ සිසුන්ට සල්ලි අරන් ඉගැන්නූ ගුරුවරු පිරිසකට මාරු

පාසලේ තමන්ගෙ පන්තියේ සිසුන්ට සල්ලි අරන් ඉගැන්නූ ගුරුවරු පිරිසකට මාරු

පාසලේ තමන්ගෙ පන්තියේ සිසුන්ට සල්ලි අරන් ඉගැන්නූ ගුරුවරු පිරිසකට මාරු

පාසලේ තම පන්තියේ සිසුන්ට මුදල් අයකරමින් උපකාරක පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකුට වෙනත් පාසල් වෙත ස්ථාන මාරු ලබා දීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ මීට පෙර දැනුම් දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් අදාළ ගුරුවරුන්ට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ගුරුවරු පන්ති පවත්වන ස්ථාන වැටලීම සඳහාද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එවැනි පංති පවත්වන ස්ථාන පිළිබඳව තොරතුරු ලැබුණු විගස වැටලීම් ඒකකයේ කණ්ඩායමක් යොමු කර ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරනු ලබන බව සඳහන් ය.

මෙම පියවරත් සමඟ චක්‍රලේඛය උල්ලංඝනය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යැවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

1 COMMENT

  1. මේක අද ඊයේ වෙන එකක් නෙමේ, එකදහස් නවසිය අසූ නවයේඅපේ පන්තිභාර සර් ශිෂ්‍යත්වෙට අපේ පංතියේම ළමයි අරන් ගිහිල්ලා ඉගැන්නුවා ඉතින් සර් පන්තිභාර සර් ම තමයි ගණනුත් ඉගැන්නුවෙ දැන් තමයි ස්ථාන මාරු දෙන්නෙ කට්ටියට. අපේ අධ්‍යාපනය සිස්ටම් එකට ජය වේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here