fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියාවෙන් ලංකාවට සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක්

    රුසියාවෙන් ලංකාවට සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක්

    රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

    එම පරිත්‍යාගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම ඊයේ (16) කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

    2023 දෙසැම්බර් මස 30 වනදා සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 117.3ක් සහ 2024 ජනවාරි 04 වනදා තෙල් මෙට්‍රික් ටොන් 13.1ක් රුසියානු රජයෙන් මෙරටට ලබාදීම සිදු විය.

    එම සමස්ත පරිත්‍යාගය වන තෙල් මෙට්‍රික් ටොන් 130.41කට අදාළ පරිත්‍යාගය මෙලෙස නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම සිදු විය.

    මේ අතර මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස 2023 ජූලි 04 වනදා ද සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 351.9ක ප්‍රමාණයක් රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.

    හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් වෙත මෙම පරිත්‍යාගය සෘජුවම යොමු කරනු ලැබේ.

    විශේෂයෙන්ම මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 8625ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.