තවත්
    මුල් පිටුවspecialනව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවෙන් චීනය ලොව අංක 1ට

    නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවෙන් චීනය ලොව අංක 1ට

     
    2023 වසර අවසානය වන විට චීනය සතු නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 4015000 ක් බව චීන ජාතික බුද්ධිමය දේපළ හිමිකම් දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ, චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක දී ය.

    එම සංඛ්‍යාව 2022 වසරට සාපේක්ෂව 22.4%  ක වර්ධනයකි. ඒ අනුව මේ වන විට ලෝකයේ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන හතර ඉක්මවූ පළමු රට බවට චීනය පත්ව ඇත.

    එම නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර අතරින් 40% කට වැඩි ප්‍රමාණයක් උසස් ගුණාත්මකභාවයකින් යුතු වීම ද විශේෂත්වයකි.

    බුද්ධිමය දේපළ හිමිකම් අතින් චීනය ලොව ප්‍රබල රටක් බව මින් යළි සනාථ කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img