Home උණුසුම් පුවත් බාල එන්නත් ගෙන්වීම: හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 7දෙනා යළි රිමාන්ඩ්

බාල එන්නත් ගෙන්වීම: හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 7දෙනා යළි රිමාන්ඩ්

බාල එන්නත් ගෙන්වීම: හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 7දෙනා යළි රිමාන්ඩ්

ආන්දෝලනයට තුඩුදුන් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (ජන.17) දුන් නියෝගයක් මත ය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම පරිශ්‍රයට පැමිණි චන්ද්‍රගුප්ත මහතා දෙසැම්බර් 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය දෙසැම්බර් 14 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කර තිබුණේ ප්‍රමිතියෙන් තොර මානව ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) කාණ්ඩය මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ ක්‍රියාව සැක සහිත බව සලකන බවයි.

මේ අනුව, ප්‍රමිතියෙන් තොර ඖෂධ ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා වගකිව යුතු සියලු පාර්ශ්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට ඉහළ පෙළේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා සහ එම කොට්ඨාසයේම නිලධාරීන් තිදෙනෙකු මෙන්ම ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් කුප්පි තොගය ආනයනය කළ බව කියන අදාළ සමාගමේ හිමිකරු ද මේ අය අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here