Home උණුසුම් පුවත් ගාසාවට කඩිනම් සටන් විරාමයක් ජගත් මහලේකම් යළිත් ඉල්ලයි

ගාසාවට කඩිනම් සටන් විරාමයක් ජගත් මහලේකම් යළිත් ඉල්ලයි

ගාසාවට කඩිනම් සටන් විරාමයක් ජගත් මහලේකම් යළිත් ඉල්ලයි

 

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ සටන් විරාමයකට කඩිනමින් එළඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා යළිත් ඉල්ලා සිටී. එම ගැටුම හටගෙන දින 100 ක් සම්පූර්ණ වීම පිළිබඳ නිවේදනයක් 15 වැනිදා නිකුත් කරමින් හෙතෙම ඒ බව පැවසීය.

හේතු විරහිතව රඳවාගෙන සිටින පුද්ගලයන් වහා නිදහස් කරන ලෙස ද  මහලේකම්වරයා සිය නිවේදනයෙන් ඉල්ලා සිටී. සැලසුම් සහගත අයුරින් සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම හා පැහැර ගැනීම හෝ ඔවුන් ඉලක්ක කර රොකට් මිසයිල ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියා කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන මෙම විශාල පරිමාණ විනාශකාරී ප්‍රහාර හා සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම වැනි ක්‍රියා තමා ජගත් මහලේකම් ධුරය හෙබවූ කාලය තුළ මෙතෙක් කිසිදා නොදුටු බව ද ගුටරෙස් මහතා සඳහන් කර ‍ තිබේ.
එසේ ම, ගාසා තීරයේ තත්ත්වය හේතුවෙන් ලොවට එල්ලවන සෙසු අනිසි බලපෑම් පිළිබඳව ද හෙතෙම සිය කණස්සල්ල පළ කර ඇත.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here