තවත්
    මුල් පිටුවදේශීය පුවත්චීන අගමැති ස්විට්සර්ලන්ත නායිකාව හමුවෙයි

    චීන අගමැති ස්විට්සර්ලන්ත නායිකාව හමුවෙයි

    විවිධ ක්ෂේත්‍රයන් හි ස්විට්සර්ලන්තය සමග පවතින සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානම් බව චීන අගමැති ලී ච්‍යං මහතා පවසයි.

    ස්විට්සර්ලන්ත නායිකා වියෝලා අහමඩ් මහත්මිය සමග ඊයේ (14) පැවැත්වූ සුහද සංවාදයක දී ඔහු මේ බව කියාසිටියේය. එය පැවැත්වුණේ සූරිච් නගරයේ සිට එරට අගනුවර වන බර්න් දක්වා ධාවනය වන විශේෂ දුම්රියක් තුළ දී ය.

    ස්විට්සර්ලන්ත නිල සංචාරයට එක් වූ චීන අගමැතිවරයා අහමඩ් මහත්මිය විසින් හරසරින් පිළිගනු ලැබීය.

    ස්විට්සර්ලන්තය සහ චීනය අතර දිගුකාලීන මිත්‍රශීලී සහයෝගිතාවක් පවතින බව අගමැතිවරයා මෙහිදී පැවසීය. එරට ප්‍රබල නවෝත්පාදන හැකියාව සහ උසස් තත්ත්වයේ “ස්විට්සර්ලන්ත නිෂ්පාදිත” ලී ච්‍යං මහතාගේ පැසසුමට ලක්විය.

    ගෙවී ගිය දශක 4ක කාලය තුළ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ක්‍රියාවලියට නිසි අයුරින් සහභාගි වූ ස්විට්සර්ලන්ත ව්‍යවසායන් ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වූ අතර, සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගත් බව ද ලී ච්‍යං මහතා පැවසීය.

    දුම්රිය චාරිකාව අතරතුර, ස්විට්සර්ලන්ත නායිකාව වත්මන් දේශීය තත්ත්ව සහ මග දී හමුවන විවිධ ප්‍රාන්තවල සිරිත් විරිත් ද අගමැතිවරයා හමුවේ විග්‍රහ කළාය.

    විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදන, හරිත සංවර්ධනය, සංස්කෘතිය හා බැඳුණු සංචාරක ව්‍යාපාරය සහ ශීත ඍතු ක්‍රීඩා යන විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කෙරෙහි ද දෙපාර්ශ්වයේ අවධානය යොමුවිය.

    Sent from Yahoo Mail on Android

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img