fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අමෙරිකානු ප්‍රකාශයට චීනයේ විරෝධය

    අමෙරිකානු ප්‍රකාශයට චීනයේ විරෝධය

    චීනයේ තායිවාන මැතිවරණය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශය චීනය දැඩිව හෙළාදකී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ (14) එම ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළේය.

    චීනයේ තායිවාන මැතිවරණය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශය, ‘එකම චීනය’ යන මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශ ත්‍රිත්වය බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි හෙතෙම කියාසිටියේය. තායිවානය සමග සංස්කෘතික, වෙළඳ සහ සෙසු නිල නොවන සබඳතා පමණක් පවත්වා ගැනීමට ලබා දුන් ප්‍රතිඥා ඇමරිකාව මෙහිදී දැඩි ලෙස කඩ කර ඇති බවත්, මේ පිළිබඳව චීනය තරයේ විරෝධය පළ කරන බවත් ඔහු පැවසීය.

    ‘එකම චීනය’ මූලධර්මයට සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල ප්‍රකාශ ත්‍රිත්වයට අනුව ක්‍රියාකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන් ම ‘තායිවාන ස්වාධීනත්වයට’ සහාය නොදීම හා තායිවාන ප්‍රශ්නය මුවාවෙන් චීනයට බාධා නොකිරීම සම්බන්ධයෙන් ඇමරිකානු නායකයන් බොහෝ අවස්ථාවල දී දුන් ප්‍රතිඥා ඉටුකරන ලෙස ද චීනය ඉල්ලීමක් කරයි.

    Sent from Yahoo Mail on Android

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img