Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සාමසාධක මෙහෙයුමේදී අනතුරට

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සාමසාධක මෙහෙයුමේදී අනතුරට

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සාමසාධක මෙහෙයුමේදී අනතුරට

මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරිවල නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මෙහෙයුම් අතරතුරදී ඊයේ(12) අනතුරට ලක්වී තිබේ.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනා හට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර හෙලිකොප්ටර් යානාවට පමණක් අලාභහානි සිදුව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම මෙහෙයුම් සඳහා යොදවන ලද එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනෙන් එක් යානයකි.

මෙම යානය මධ්‍යම අප්‍රිකාවේ බ්‍රියා නගරයට ගුවන් සැතපුම් 140ක් ඊසාන දෙසට වන්නට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට අදාල භාණ්ඩ ප්‍රවාහනය කරන මෙහෙයුමකදී ඊයේ දින (12) උදෑසන 09.30 ට පමණ අනතුරට පත්ව ඇත.

අධික දූවිලි සහිත අයහපත් කාලගුණික තත්වයක් තුල එම එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ බෑමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් මධ්‍යම අප්‍රිකානු ජන රජයේ සාමසාධක රාජකාරියේ නියුතු නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් එම ස්ථානය වෙත යොමු කර ඇත.

ගුවන් හමුදා මූලස්ථානයෙන් නම් කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්ද පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here