Home උණුසුම් පුවත් උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වහාම අවලංගු කරයි

උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වහාම අවලංගු කරයි

උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වහාම අවලංගු කරයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන බව නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

විභාගයට පෙර කෘෂි විද්‍යාව දෙවන පත්‍රය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරනු ඇත.

එම විෂයට අදාළ විභාගය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here