Home උණුසුම් පුවත් ගංවතුර සහන දෙන්න දුන් ලක්ෂ 63ක් වංචා කළ මේජර් අත්අඩංගුවට

ගංවතුර සහන දෙන්න දුන් ලක්ෂ 63ක් වංචා කළ මේජර් අත්අඩංගුවට

0
ගංවතුර සහන දෙන්න දුන් ලක්ෂ 63ක් වංචා කළ මේජර් අත්අඩංගුවට

කුරුණෑගල දිස්ත්‍රික්කයට 2014 වර්ෂයේදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාවට සහන සැලසීමට ලබා දුන් රජයේ මුදල්වලින් රුපියල් ලක්ෂ 63කට අධික මුදලක් වංචා කළ විශ්‍රාමික මේජර්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 57ක් වන මෙම විශ්‍රාමික මේජර්වරයා වන පාබල හමුදාවේ සේවයේ නිරතව සිටියදී මෙම වංචාව කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා 532 බල සේනා මූලස්ථාන රෙජිමේන්තු සභාපතිවරයාගේ ගිණුමට රජයෙන් ලබාදී තිබුණු රුපියල් 6,387,950ක මුදලක් වංචා කිරීම හා සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මෙම විශ්‍රාමක මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here