Home special චිනය නිපැයූ ලොව විශාලතම බහාලුම් නෞකාව පළමුවරට දියඹට

චිනය නිපැයූ ලොව විශාලතම බහාලුම් නෞකාව පළමුවරට දියඹට

චිනය නිපැයූ ලොව විශාලතම බහාලුම් නෞකාව පළමුවරට දියඹට

 
ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කරයි. ‘OOCL Valencia’ නමැති එම නෞකාව ඊයේ (9) පෙරවරුවේ චීනයේ යැංසි ගංගාවේ පළමුවරට යාත්‍රා කළේ ය.

චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙහි නිපැයුම් කටයුතු අවසන් වූයේ 2024 වසරේ  දී යි. නෞකාව මීටර් 399.99 ක දිගින් යුතු ය. එහි පළල මීටර් 61.3 ක් වන අතර, උස මීටර් 33.2 කි.

ප්‍රමිතිගත බහාලුම් 24188 ක් ප්‍රවාහනය කළ හැකි ‘OOCL Valencia’ යාත්‍රාව ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුමක් ලෙස සැලකේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here