Home උණුසුම් පුවත් ප්‍රභූ ආරක්ෂකයාගේ නිවසේ පාතාලේ ආයුධ

ප්‍රභූ ආරක්ෂකයාගේ නිවසේ පාතාලේ ආයුධ

0
ප්‍රභූ ආරක්ෂකයාගේ නිවසේ පාතාලේ ආයුධ

ප්‍රභූ ආරක්ෂක අංශයක සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකුගේ කෑගල්ල බණ්ඩාරනායක මාවතේ පිහිටි නිවසක සඟවා තිබී පතොරම් රැසක් සහ ගිනි අවි කොටස් කිහිපයක් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ටී 56, පිස්තෝල හා රිවෝල්වරවලට යොදන පතොරම් 39ක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ අවියක බැරලයක් හා බද කොටසක්, පිස්තෝලයක කොටසක් ඒ අතර ඇතැයි පොලීසිය කියයි.

කෑගල්ලේ පදිංචි ආමි සම්පත් නමින් හදුන්වන අපරාධකරුට අයත් ගිනි අවියක් මෙම ප්‍රභූ ආරක්ෂක අංශ සාමාජිකයාගේ නිවසේ සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව නිවස පරීක්ෂා කිරීමේදි මෙම පතොරම් සහ ආයුධ කොටස් හමුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here