Home COVID වයස 103 ක මවක් කොරෝනාවට බිලි

වයස 103 ක මවක් කොරෝනාවට බිලි

වයස 103 ක මවක් කොරෝනාවට බිලි
Stone, old, mottled

කොවිඩ් 19 වෛරසය ආසාදිතව වයස අවුරුදු 103ක එක්දරු මවක් මියගොස් ඇත.

මෙරටින් වාර්තා වූ වයසින් වැඩිම කොවිඩ් ආසාදිත මරණය ලෙස සැලකෙන්නේ මෙයයි.

තෙලිකඩ පොලිස් වසමේ ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචි මවක් මෙසේ කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබේ.

කලක් රෝගි තත්වයෙන් සිට ඇති ඇය දින දෙකකට පමණ පෙර උණ රෝගය වැළදි නිවසේදීම මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ තොරතුරු සදහන් කළේය. ඇගේ සිරුර කරාපිටිය රෝහලට රැගෙන යාමෙන් අනතුරුව කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිත බව අනාවරණය වී තිබෙන බව තෙලිකඩ පොලීසියේ නිලධාරියෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here