තවත්
    මුල් පිටුවspecialබයිඩන්ටත් හොරෙන් ICU ප්‍රතිකාර ගත්ත ඇමරිකානු ආරක්ෂක ලේකම්

    බයිඩන්ටත් හොරෙන් ICU ප්‍රතිකාර ගත්ත ඇමරිකානු ආරක්ෂක ලේකම්

    ඇමරිකා එක්සත් ජනපදයේ බලගතුම පුද්ගලයෙකු වන එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් රෝහල්ගත ප්‍රතිකාර ලැබීම් එරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසකගෙන් සඟවා ඇති බවට රෝයටර් පුවත්සේවය වාර්තා කරයි.

    මේවන විට 70 වන වියේ පසුවන ඔස්ටින්, ඉකුත් දෙසැම්බර් 22 වන දින තවමත් හෙළි නොකළ කරණයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර ඉන් පසු ඇති වූ දැඩි වේදනාවක් හේතුවෙන් අලුත් අවුරුදු දිනයේදී වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔස්ටින්ගේ දෙවැනියා පවා නොදැ සිට ඇති බවත් ජනධිපති බයිඩන් පවා මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැණුවත්ව නොසිට ඇති බවට අනාවරණය වන බව රොයිටර් පුවත්සේවය සඳහන් කරයි.

    ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්ට අණදීමේදී ජනාධිපතිවරයාට පසුව සිටින ඉහළම නිලධාරීයා වන්නේ ආරක්ෂක ලේකම්වරයායි. ඒ අනුව ඔහු ඕනෑම මොහොතක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තිරණ ගැනීමට සූදානම්ව සිටිය යුතුයි.
    එහිදී රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටිය යුතුබවත් එහිදී එක්සත් ජනපදයේ ආරක්ෂාවට එල්ලවන ඕනෑම තර්ජනයක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට සුදානමින් සිටීමද ඔහුගේ රාජකාරියේ කොටසකි.

    කෙසේවෙතත් එවැනි තීරණ ගැනීමට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමේදී හැකියාවක් නොපවතින බැවින් ඒ සම්බන්ධයෙන් ඉහළ පාලනාධිකාරිය දැණුම්වත් කිරීම ඔහුට පැවරී ඇති වගකීමකි.

    ඔසිටින් රෝහල්ගත වීමත් සමඟ ජනවාරි 2 වැනිදා නියෝජ්‍ය ආරක්ෂක ලේකම් කැත්ලීන් හික්ස් රාජකාරි භාරගෙන සිටියද ඇයට ආරක්ෂක ලේකම් ඔස්ටින්ට රාජකාරියේ වැඩ බැලීමට නොහැකි හේතුව දැණුවත් කර නොතිබූ බවටද වාර්තාවේ.

    ඒ අනුව දින දෙකකට පසු එනම් ජනවාරි 4 වැනිදා නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරියට ඔස්ටින් රෝහලගත කර ඇති බවට දැණුවත් කර ඇති බවට අනාරවණය වන බව රෝයිටර් පුවත්සේවය වාර්තා කරයි. එමෙන්ම ජනාධිපති බයිඩන් සහ ධවල මන්දිරියේ ඉහළ නිලධාරීන්ට ආරක්ෂ ලේකම්වරයා රෝහල්ගත කර ඇති බවට දැනුවත් කර ඇත්තේ ජනවාරි 4 වැනිදා බවද අදාල පුවත් සේවය අනාවරණය කරයි.

    කෙසේවෙතත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමන් රෝහලගත කිරීම රහසිගතව තබා ගැනීමේ පූර්ණ වගකීම තමන් විසින් භාරගන්නා බවයි. එමෙන්ම එකසත් ජනපද කොන්ග්‍රසයද මේ සම්බන්ධයෙන් දැණුවත්කර ඇත්තේද ඉකුත් සිකුරාදා දිනයේ පෙන්ටගනය විසින් ආරක්ෂක ලේකම්වරයා රෝගාතුර වී ඇති බවට නිවේදනයක් නිකුත් කිරීමට සුළු මොහොතක මත්තෙන් වීම විශේෂත්වයකි.

    මේ අතර ඉරිදා දිනයේ පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර සිටියේ තමන් ආරක්ෂක ලේකම්වරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බවයි.

    ඒ අනුව මෙලෙස එක්සත් ජනපද රජය තුල අතිශය වැදගත් තොරතුරු ඉහළ නිලධාරීන්ට සන්නිවේදනය නොවිම සම්බන්ධයෙන් පාර්ශව රැසක් සිය විමතිය පළකර ඇති අතර එය පරිපාලනයේ පවතින දුර්වලතා බවටද බහුතරයක් පෙන්වා දී ඇති බවද එරටම මාධ්‍ය වාර්තා රැසක් වාර්තා කර ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img