Home special ඇමරිකානු යුද උපකරණ හදන සමාගම් 5කට චීනයෙන් වැට

ඇමරිකානු යුද උපකරණ හදන සමාගම් 5කට චීනයෙන් වැට

ඇමරිකානු යුද උපකරණ හදන සමාගම් 5කට චීනයෙන් වැට

ඇමරිකාවේ ආරක්ෂක කර්මාන්ත නිෂ්පාදන සමාගම් පහකට සම්බාධක පැනවීමට චීනය තීරණය කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අද (7) මේ බව පැවසීය.

ඇමරිකාව මෑතකදී චීන තායිවාන ප්‍රදේශයට යළිත් ආයුධ විකිණීම පිළිබඳ ප්‍රකාශයට පත් කළ අතර, විවිධ හේතු දක්වමින් චීන ව්‍යාපාර හා සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ද පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන්  චීනයේ ප්‍රතිචාරය විමසූ මාධ්‍යවේදියෙකුගේ පැනයකට අදාළව ප්‍රකාශකයා ඉහත තීරණය දැනුම් දුන්නේය.

තායිවාන ප්‍රදේශයට ආයුධ අලෙවි කිරීම, ‘එකම චීනය’ මූලධර්මය සහ දෙරට අතර පවතින ඒකාබද්ධ ප්‍රකාශන සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමකි. එසේම, පදනම් විරහිත ව්‍යාජ හේතු හුවාදක්වමින් චීන සමාගම් සහ පුද්ගලයන්ට එරෙහිව පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධකවලින් චීනයේ ස්වෛරීභාවයට සහ ආරක්ෂක අවශ්‍යතාවලට බරපතල හානියක් සිදුවන බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

මේ අනුව, BAE Systems Land and Armament, Alliant Techsystems Operation, AeroVironment, ViaSat සහ Data Link Solutions යන ඇමරිකානු ආරක්ෂක කර්මාන්ත නිපැයුම් සමාගම් පහකට සම්බාධක පැනවීමට චීනය තීරණය කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here