Home උණුසුම් පුවත් වර්ජන කළ විදුලි සේවකයන්ගේ තොරතුරු ඉල්ලයි -සේවය අත්හිටුවීමට නියෝගයක්

වර්ජන කළ විදුලි සේවකයන්ගේ තොරතුරු ඉල්ලයි -සේවය අත්හිටුවීමට නියෝගයක්

වර්ජන කළ විදුලි සේවකයන්ගේ තොරතුරු ඉල්ලයි -සේවය අත්හිටුවීමට නියෝගයක්

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලි බලය සැපයීමට බාධාකරමින් වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නියෝග කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියකින් දන්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ පසුගිය 03, 04 සහ 05 යන දිනවලදී විදුලිබල සේවක වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගෙවීම් කවුළු වසා දමමින්, මහජන සේවා සපයන කාර්යාල අඩපණ කිරීම පිළිබඳ මහජන පැමිණිලි ලැබී ඇති බවයි.

එබැවින් පාලනාධිකාරිය නිවාඩු අවලංගු කොට තිබියදී ‍සේවයට වාර්තා නොකර වර්ජනයට සහභාගි වූ සේවකයන් පිළිබඳ විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් තොරතරු ද ලලිපිය මගින් ඉල්ලා ඇත.

පහත දැක්වෙන්නේ එම ලිපියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here