තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"චීනය, ලෝක ආර්ථිකය ඉදිරියට ගෙනයන ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වේවි"

    “චීනය, ලෝක ආර්ථිකය ඉදිරියට ගෙනයන ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වේවි”

     
    චීනය අඛණ්ඩව ලෝක ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැදගත් ක්‍රියාකාරකයක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි. ඒ, අද (4) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    නව වසරේ චීනය නව සංවර්ධන ආකල්පය හා ව්‍යුහය මුළුමනින් ක්‍රියාත්මක කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට මෙහෙයවීමට ක්‍රියා කරන බව ඔහු කියාසිටියේය.

    ප්‍රබල නවෝත්පාදන හැකියාව, විශාල වෙළඳපොළ, පරිපූර්ණ යටිතල පහසුකම්, සම්පූර්ණ කර්මාන්ත දාමය හා ගුණාත්මක ශ්‍රම සම්පත් යන වාසිදායක සාධක මත, චීනය උසස් මට්ටමේ විවෘතභාවය ව්‍යාප්ත කිරීමෙහි නියැලී සිටී.

    එසේම, වෙළඳපොළ ප්‍රවේශ තත්ත්ව ලිහිල් කර, චීන මාදිලියේ නවීකරණයෙන් බිහිවන නව අවස්ථා ලෝකය සමග බෙදා ගැනීමට චීනය පියවර ගනු ඇත.

    ලෝක ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැදගත් ධාවකයක් වන චීනය අවිනිශ්චිතතාව සපිරි ගෝලීය ආර්ථිකයට නිශ්චිතතාව හා ධනාත්මක ශක්තිය එකතු කරනු ඇතැයි ද වං වෙන්බින් මහතා පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img