fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටවිරුවන් එවන ප්‍රේෂණ 57%කින් ඉහළට

    රටවිරුවන් එවන ප්‍රේෂණ 57%කින් ඉහළට

    ගෙවුණු මාසයේ දී ශ්‍රී ලංකාව විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල පෙර වසරට සාපේක්ෂව ප්‍රේෂණවල 57.5%කින් වැඩිවී තිබේ.

    ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ ඒ හරහා 2023 දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 569.7 ක ගලා ඒමක් වාර්තා කර ඇති බවයි.

    ඒ අනුව, 2023 වසර සඳහා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල සමුච්චිත අගය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 5,969.6ක් වාර්තා වී ඇත.

    එය 2022 වසරේදී පැවතියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3,789.5ක් ලෙසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.