Home උණුසුම් පුවත් ඉන්දියාව විදුලි කෝච්චි දුවද්දී පරණ එන්ජින් ලංකාවට නොමිලේ

ඉන්දියාව විදුලි කෝච්චි දුවද්දී පරණ එන්ජින් ලංකාවට නොමිලේ

ඉන්දියාව විදුලි කෝච්චි දුවද්දී පරණ එන්ජින් ලංකාවට නොමිලේ

ඉන්දීය රජය විසින් නොමිලේ දුම්රිය එන්ජින් 20ක් ලබාදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබේ.

ඒ අනුව දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here