Home උණුසුම් පුවත් විදුලි බිල අඩුකරන්න සූදානම් -සේවක විරෝධයට රතු එළියක්

විදුලි බිල අඩුකරන්න සූදානම් -සේවක විරෝධයට රතු එළියක්

විදුලි බිල අඩුකරන්න සූදානම් -සේවක විරෝධයට රතු එළියක්

විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම මේ වනවිට විදුලිබල මණ්ඩල සේවකයන් විසින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට ක්‍රියාත්මක කරන විරෝධතාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා ලංවිම බලධාරීන් වෙත නියෝගයක් කර තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයනු ලබන සේවාවලට බාධාකරන හෝ කළමනාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව අමාත්‍යවරයා කීය.

ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳ යෝජිත ප්‍රතිසංස්කරණ අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here