Home special සමරු අත්සනක් ගන්න ඇවිත් විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා

සමරු අත්සනක් ගන්න ඇවිත් විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා

0
සමරු අත්සනක් ගන්න ඇවිත් විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා

දකුණු කොරියාවේ දේශපාලන විපක්ෂ නායකයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී පිහි ඇණුමකට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට දකුණු දිග වරාය නගරයක් වන බුසාන් හිදී විපක්ෂ නායක ලී ජේ-මියුන්ග්ගේ බෙල්ලේ වම්පසට මෙම පිහි ඇණුම සිදුකර ඇති බවටද වාර්තාවේ.

පිහි ඇණිම සිදු කළ තැනැත්තා එම ස්ථානයේදීම අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවටද එරට පොලිසිය සඳහන් කරන අතර එම තැතැනත්තා වයස අවුරුදු 50ත් 60ත් අතර පසුවන පුද්ගලයෙකු බවටද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

විපක්ෂ නායකයාගෙන් සමරු අත්සනක් ලබා ගැනීමේ මුවාවෙන් පැමිණ අදාල පුද්ගලයා පහරදීම සිදුකර ඇති අතර එම අවස්ථාව එරට සමාජ මාධ්‍ය තුලද ප්‍රචාරය වී ඇති බවට වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here