Home දේශීය පුවත් උණුසුම් පුවත් නව වසරට චීන ජනපතිගෙන් සුබපැතුම්

නව වසරට චීන ජනපතිගෙන් සුබපැතුම්

නව වසරට චීන ජනපතිගෙන් සුබපැතුම්

2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකවාසීන් වෙත සුබ පැතුම් පිරිනමයි.

ගෙවී යන වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳව ඇත්තේ දැඩි විශ්වාසයක් හෙතෙම එම පණිවුඩයේ සඳහන් කරයි.

චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රිය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටුකරමින් සිටින බව චීන ජනාධිපතිවරයා කියා සිටී.
2023 වසරේ දී චීනය ධෛර්යවන්තව නවෝත්පාදන හා සංවර්ධන ජවය වඩාත් වර්ධනය කර තිබේ. පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇති චීන දේශීය නිෂ්පාදිත අතරින් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, ලිතියම් විදුලි කෝෂ, ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදිත වඩාත් කැපී පෙනෙන බව ද චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
අප්‍රතිහත උත්සාහයන් තුළින් චීන නවෝත්පාදන දිනෙන් දින ලොවට දායාද වෙමින් පවතී.
කෙතරම් වෙනස්කම් වුව ද, සාමකාමී සංවර්ධනය මෙන්ම සහයෝගිතාවෙන් යුතුව පොදු ජයග්‍රහණ දිනාගැනීමේ තේමාව වෙනස් නොවන බව ද චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here