තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LIOC සහ සිනොපෙක් තෙල් මිලත් නගී

    LIOC සහ සිනොපෙක් තෙල් මිලත් නගී

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සාපේක්ෂව ලංකා IOC සමාගම සහ SINOPEC සමාගම් ද අද (01) උදෑසන සිට තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

    මේ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇත. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366ක් ලෙසයි.

    පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමේ. එහි නව මිල රුපියල් 464කි.

    ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇත. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 358ක් ලෙස දැක්වේ.

    සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇත. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසයි.

    භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 236ක් ලෙස සටහන් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img