Home special නව වසරේ උදාව ලෝකවාසීහු හරසරින් පිළිගනිති (📸)

නව වසරේ උදාව ලෝකවාසීහු හරසරින් පිළිගනිති (📸)

නව වසරේ උදාව ලෝකවාසීහු හරසරින් පිළිගනිති (📸)

2024 නව වසර ලොව ප්‍රථමයෙන්ම උදාවන ස්ථානය වන්නේ මධ්‍යම පැසිෆික් සාගරයේ කිරිබාති දූපතේ කිරිතිමති ප්‍රදේශයයි.

ගෝලීයව වේලාව සකස් වී ඇති ආකාරය අනුව  මධ්‍යම රාත්‍රි 12 ලබා ඉන්පසුව නව වසර උදාවන ප්‍රධාන නගර අතර ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි.

ජාත්‍යන්තර දින රේඛාවට ආසන්නව එහි භූගෝලීය පිහිටීම නිසා, නවසීලන්තය නව වසර පිළිගන්නා ලෝකයේ පළමු රටවලින් එකකි.

සිඩ්නි වරාය සහ නවසීලන්තයේ උසම ගොඩනැගිල්ල වන වන ස්කයි ටවර්, අහස ආලෝකමත් කරන දර්ශනීය ගිනිකෙළි සංදර්ශන සමඟ ප්‍රීති ඝෝෂා ඇතිව අති උත්කර්ෂවත් ලෙස නව වසරේ උදාව සැමරු අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.

එම නගරවල මධ්‍යම රාත්‍රි 12ලබන මොහොතේදී ටොන් ගණනක් මල්වෙඩි පුපුරා ගුවන පුරා අපූරූ රටා මැවීය.

ලක්ෂ ගණනින් ජනතාව එම නගරවලට රැස්වී අහසේ මැවෙන සුන්දරත්වය විඳගත් බව එරට වාර්තා පවසයි.

ඇතැමුන් වෙරළේ සිට සහ වරායේ බෝට්ටු වලින් මෙම මල්වෙඩි සංදර්ශන නැරඹූහ.

සිඩ්නි උද්භිද උද්‍යානයේ ප්‍රමුඛතම ජලාශ්‍රිත ස්ථානයක් ලබා ගැනීම සඳහා උදෑසන 7:30 සිට පෝලිමේ රැඳී සිටි ජර්මානු සංචාරක ජන්නා තෝමස් පැවසුවේ “මේක සම්පූර්ණ පිස්සුවක්. “වාඩි වෙන්න තැනක් සොයාගැනීමවත් එතරම් පහසු නෑ, නමුත් මේ දර්ශනය ඇත්තටම ඇදහිය නොහැකියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here