Home උණුසුම් පුවත් මාතර බන්ධනාගාරයේ තවත් මරණයක්

මාතර බන්ධනාගාරයේ තවත් මරණයක්

මාතර බන්ධනාගාරයේ තවත් මරණයක්

මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කොට ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවකු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මෙනින්ජයිටිස් රෝගයෙන් මාතර බන්ධනාගාරයේ සිදුවූ දෙවන මරණය මෙයයි.

මාතර බන්ධනාගාරයේ රැඳවූවන් 17 දෙනෙකු රෝගාතුර වීමත් සමඟ බන්ධනාගාරයේ දැඩි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගෙන තිබූණි.

මෙනින්ජයිටිස් වැළඳී ඇති බවට සැක ඉන් එක් අයෙකු මීට පෙර මිය ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here