Home COVID චමින්ද වාස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තිදෙනෙකුට කොවිඩ්

චමින්ද වාස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තිදෙනෙකුට කොවිඩ්

0
චමින්ද වාස් ඇතුළු ශ්‍රී  ලංකා ක්‍රිකට් පිලේ තිදෙනෙකුට කොවිඩ්

බංගලාදේශ තරග සංචාරයට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඇතුළු තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඇත.

කොවිඩ් ආසාදිත සෙසු දෙදෙනා වන්නේ ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් දෙදෙනාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට බංගලාදේශයේදී කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී ඔවුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදිත බව අනාවරණය වී තිබේ.

තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ පී.සී.ආර්. වාර්තා ලැබීමට ඇතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here