අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා පත්කෙරේ.
එහි සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් ද පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.
2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම් වලංගු වේ.