Home උණුසුම් පුවත් රටම එකවර අඳුරට දැමුවාට ලංවිම වරද පිළිඅරන්

රටම එකවර අඳුරට දැමුවාට ලංවිම වරද පිළිඅරන්

රටම එකවර අඳුරට දැමුවාට ලංවිම වරද පිළිඅරන්

මෑතදී සිදුවූ දීපව්‍යාප්ත විදුලිය ඇනහිටීමේදී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වරදක් කර ඇති බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (දෙසැ.27) පවසා තිබේ.

එම කොමිෂන් සභාව පැවසුවේ, මේ මස මුලදී වාර්තා වූ හදිසි විශාල විදුලි බිඳවැටීමෙන් පැය 5 කට වැඩි කාලයක් විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලංවිම වගකිව යුතු බවත් එය ‘ගැටළු සහගත තත්වයක්’ බවත්ය.

ප්‍රමාණවත් මුදල් නොමැති වීම හේතුවෙන් මෙවැනි හදිසි අවස්ථාවලදී භාවිතා කිරීමට අමතර විදුලි ජනන යන්ත්‍රයක් නඩත්තු කිරීමට නොහැකි වූ බව ලංවිම පවසා ඇත.

මේ අතර අතිරේක විදුලි ජනන යන්ත්‍රයක් සඳහා නඩත්තු වියදම් ලංවිමට සොයා ගැනීමට නොහැකිවන්නේ නම් එහි බර මහජනතාවට දැරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම අවධාරණය කර ඇත.

දෙසැම්බර් 09 වැනිදා සවස 5.10 ට පමණ රටපුරා හදිසි විදුලි බිඳවැටීමක් වාර්තා විය. එය යථාතත්වයට පත්වීමට පැය 5කට අධික කාලයක් ගතවිය. විදුලිය යළි සපයනු ලැබුවේ කොටසින් කොටස වරින් වර ය.

දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීම බවත් එය අකුණු සැර වැදීමෙන් සිදුවූවක් බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here