තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුනාමි රැල්ල ඇවිදින් 19 වසරයි

    සුනාමි රැල්ල ඇවිදින් 19 වසරයි

    සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 19ක් ගතවී තිබේ.

    2004 දෙසැම්බර් 26 වැනිදා, එනම් නත්තල් දිනට පසුව යෙදුණු අද වැනිම වූ පොහෝ දිනකදී සිදුවූ අතිප්‍රබල භූ කම්පනයකින් පසුව ආසියාවේ රටවල් ගණනාවකට බලපෑ සුනාමියෙන් 230,000 කට අධික පිරිසක් මිය ගියහ. තවත් විශාල පිරිසක් අතුරුදන් වූ බව වාර්තා විය.

    මෙරටදී මියගිය ගණන 46000 ඉක්මවීය.

    සුනාමියට මුහුණ දුන් රටවල ආර්ථිකය කඩාවැටුණේ කිසිසේත්ම නොසිතූ අයුරිනි.

    මෙම සිදුවීමට පෙර ලාංකිකයන් මෙරට ජනප්‍රවාද ඇසුරින් මුහුද ගොඩගලන බවට කතාන්තර අසා තිබුණද සුනාමියක් යන්න පිළිබඳ වචනය පවා දැන්ගත්තේ එම ව්‍යසනයට මුහුණදුන් පසුව ය.

    මෙම ව්‍යසනයෙන් මිලියන ගණනක් විපතට පත් වූයේ ජීවිත කාලයක් ඉපැයූ සියලු දේපොළ වත්කම් මෙන්ම වටිනා ජීවිතද රුදුරු මුහුදු රැල්ලෙ ගසා ගෙනයමිනි.

    ශ්‍රී ලංකාවට සුනාමි රැල්ල පහරදුන් පෙරවරු 9.25ත් 9.27ත් අතර කාලය තුළදී එදා සුනාමියෙන් විපතට පත්වූවන් සිහිකරමින් නිහඬ වීම වාර්ෂිකව සිදුකරයි.

    1700කට අධික පිරිසක් මරු කැඳවමින් සුනාමියෙන් මගී දුම්රියක් පීලියෙන් ඉවතට ගසාගෙන යාමේ ප්‍රධාන අනුස්මරණ උත්සවය පැරෑලියේදී පැවැත්විණි.

    එමෙන්ම අද දිනය ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම්කර ස්වභාවික ආපදාවෙන් ජනතාව මුදවාගැනීම සඳහා වන පෙර සූදානම් පිළිබඳ රජය විසින් වැඩසටහන් ගණනාවක් දියත් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img