තවත්
    මුල් පිටුවspecialඉතිහාසගත වූ උඩුගුවනේ විස්මිත නත්තල් රූ රටා (🎥)

    ඉතිහාසගත වූ උඩුගුවනේ විස්මිත නත්තල් රූ රටා (🎥)

    නත්තල් සමයේ දී උඩුගුවනේ විස්මිත චලන රූ මැවූ ඩ්‍රෝන් ප්‍රදර්ශනයක් විනෝදාත්මක ගිනස් ලෝක වාර්තා දෙකක් සනිටුහන් කර තිබේ.

    ඒ අමෙරිකාවේ පැවැති Sky Elements Drone Shows (USA)හි දී ය.

    ඩ්‍රෝන් යානා මගින් උඩුගුවනේ නිර්මාණය කරන ලද ප්‍රබන්ධ චරිතයක විශාලතම ගුවන් රූප සංදර්ශකය එක් ගිනස් වාර්තාවකි. මෙම රූපය මුද්‍රා නාට්‍යයක් වන ‘ද නට්ක්‍රැකර්’ වෙතින් ආභාසය ලද්දකි.

    එමෙන්ම ඩ්‍රෝන මගින් සාදන ලද විශාලතම ගුවන් රූපය යන ගිනස් වාර්තාවද මෙම අවස්ථාවෙහිදී හිමි කරගැනීමට ඔවුන් සමත්ව ඇත. ඒ කවුළුවකින් පිටත හිමවැටෙන දසුනක් සහිතව අඩි 700ක් උස නත්තල් ගසක් උඩුගුවනේ නිර්මාණය කිරීම වෙනුවෙනි.

    මෙය ඔවුන්ගේ හතරවන ඩ්‍රෝන් සංදර්ශකය වන අතර මහජන සංදර්ශනය දෙසැම්බර් 17 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි නෝර්ත් රිච්ලන්ඩ් හිල්ස් හි 2,000 ක පිරිසක් ඉදිරියේ උඩුගුවනේ නිර්මාණය කරතිබුණි. එහි ගිනස් වාර්තාව ප්‍රකාශයට පත්කර තිබුණේ ඊයේ දිනයේ ය.

    ගිනස් ලෝක වාර්තා නිලධාරීන් විසින් මෙම ජයග්‍රහණ දෙකම සඳහා ඩ්‍රෝන යානා සංඛ්‍යාව 1,499 ක් ලෙස දක්වා ඇත. මෙම අවස්ථාවට ඩ්‍රෝන 1,500 ක් ඇතුළත් කිරීමට නියමිතව තිබූ නමුත් ඉන් එකක් දියත් කිරීමට එම අවස්ථාවේ අපොහොසත් වී තිබුණි.

    ඩ්‍රෝන යානා LED විදුලි පහන්වලින් සමන්විත වන අතර අහසේ විවිධ රූප නිර්මාණය කිරීම සඳහා නිශ්චිත මාර්ගවල පියාසර කිරීමට පෙර-වැඩසටහන් කිරීම මගින් මෙහෙයවා තිබුණි.

    පහතින් දැක්වෙන වීඩියෝව මඟින් සංදර්ශකයේ පුළුල් දසුනක් පෙන්නුම් කරයි.

    කැමරා සහිත ඩ්‍රෝන යානයක් සජීවිකරණ රූ රටා උඩුගුවනේ ඇඳීමවෙනුවෙන් කෙලින්ම පියාසර කිරීම පහසු කටයුත්තක් නිවන බවත් එම අවස්ථාව අතිශය විස්මය දනවන සුන්දරත්වයක් එක්කළ බවත් එම නිලධාරීහු පවසා ඇත.

    උඩුගුවනේ විස්මිත රූ රටා මැවූ මෙම සංදර්ශනය ගිනස් වාර්තාව සමඟ ඉතිහාසගත වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img