තවත්
    මුල් පිටුවspecialභාණ්ඩ මිල තවත් ඉහළ යාමේ අවදානමක්?

    භාණ්ඩ මිල තවත් ඉහළ යාමේ අවදානමක්?

    (මලිදු එම් ප්‍රදිනාත්)

    ඉරානයේ සහයෝගය ලබන යේමනය තුළ ක්‍රියාත්මක හූති සටන්කාමීන් මේ වනවිට රතු මුහුද හරහා ඊශ්‍රාලයට භාණ්ඩ ගෙනයන හා ඊශ්‍රායලයෙන් භාණ්ඩ ගෙනඑන නැව්වලට ගමන්කිරීම තහනම් කර තිබේ.

    ඊශ්‍රාලයට සහාය දක්වන රටවලට හිමි වාණිජ නැව්වලට නවීන ඩ්‍රෝන යානා තාක්ෂණය භාවිතා කර පහරදීම හේතුවෙන් පෙරදිග හා අපරදිග යාකෙරෙන භාණ්ඩ සැපයුම් සේවා දැඩි අර්බුදකාරී තත්වයකට පත්වී ඇත.

    ගෝලීය ආර්ථිකයේ වැදගත් ස්ථානයක් බවට රතු මුහුද පත්වන්නේ පෙරඅපරදිග යාකෙරෙමින් භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධානතම සැපයුම් මාර්ගය එය බවට පත්වී ඇති හෙයිනි.

    ආසියාවේ රතු මුහුද හරහා ගමන් කරන නැව් සූවස් ඇළ ඔස්සේ යුරෝපයේ මධ්‍යධරණී මුහුදට ළඟාවීම නැව් සමාගම්වලට ඇති ලාභදායීම නාවික මාර්ගයයි. නැතහොත් ඔවුන්ට වැඩි කාලයක් සහ මුදලක් වැයවන සමස්ත අප්‍රිකා මහද්වීපය වටා කේප්ටවුන් ද පසුකර ගමන් කිරීමට සිදුවේ.

    රතු මුහුද හරහා වැටී ඇති ගමන්මාර්ගයේ අතිශයින් වැදගත්ම ස්ථානයක් බවට පත්වී තිබෙන බාබ් එල් මැන්ඩෙලා සමුද්‍ර සන්ධියේ බලය හූති සටන්කාමීන් අත පැවතීම, යුරෝපීය සමාගම් කම්පා කරවන තීරණාත්මක තත්ත්වයක් බවට පත්වී තිබේ.

    ප්‍රධාන බහලුම් නෞකා සමාගම් වන Mediterranean Shipping Company (MSC), Maersk, Hapag-Lloyd සහ oil company BPවිසින් මේ වන විට රතු මුහුද තුළ ඔවුන්ගේ සියලු භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් නවතා ඇත.

    MSC ට අයත් MSC PALATIUM III නෞකාව සිකුරාදා දින හූති සටන්කරුවන්ගේ ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් සේවාවෙන් ඉවත්කර තිබේ.

    බ්‍රිතාන්‍යයට අයත් Unity Explorer නෞකාව ඩ්‍රෝන ප්‍රහාරයකට ලක් වූ අතර පැනමා කොඩි සහිත Number 9 and Sophie II යන නෞකා හූති සටන් කරුවන්ගේ මිසයිල ප්‍රහාරවලට ලක්විය.

    එම ප්‍රහාරවලින් නෞකා කාර්‍ය මණ්ඩලවලට හානි සිදුවී නැතත් නෞකා සේවාවෙන් ඉවත්කර තිබේ. එමෙන්ම ඊයේ දිනයේදී ඊශ්‍රාලයට අනුබද්ධිත තෙල් හා රසායනික ද්‍රව්‍ය සපයන නැවක් වන M/T Chem Pluto නෞකාවට අරාබි මුහුදේ ඉන්දියාවේ චෙරාවල් නගරයේ සිට සැතපුම් 120ක් දුරින් පිහිටි නැවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    එය දකුණු ඉන්දියාවේ මැන්ගලෝර් වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවකි.

    කෙසේවෙතත් ලෝකයේ ප්‍රධානතම භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නෞකා සමාගම් පහෙන් හතරක්ම රතු මුහුද හරහා ඔවුන්ගේ මෙහෙයුම් නතරකිරීම ගෝලීයව භාණ්ඩ මිල ඉහල යෑම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

    එම මාර්ගය, වසරකට නෞකා 17,000 ක් ගමන්කරන ගෝලීය ආර්ථිකයෙන් 10% කටම දායක වන නෞකා මාර්ගයකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img