තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිමට සියලු බෝනස්, දිරිදීමනා අත්හිටුවයි -ගෙවූ ඒවත් සොයයි

    ලංවිමට සියලු බෝනස්, දිරිදීමනා අත්හිටුවයි -ගෙවූ ඒවත් සොයයි

    ලංකා විදුලිබල මණ්ඩලය සේවකයින් වෙත වාර්ෂික බෝනස් සහ වෙනත් දිරිදීමනා කිසිවක් නොගෙවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහි කළමනාකාරිත්වයට නියෝග කර තිබේ.

    ඒ අනුව කිසිදු ලංවිම සේවකයෙකුට 2023 වසර සඳහා කිසිදු ප්‍රසාද දීමනාවක් හෝ දිරිදීමනා නොගෙවිය යුතු බවට, මෙහෙයුම් සහ පරිපාලන වියදම් අඩුකිරීම සඳහා මීට පෙර ලබාදුන් උපදෙස් සහ ප්‍රතිපත්තිමය තීරණය පිළිබඳව තවදුරටත් දන්වමින් මෙලෙස පවසා ඇත.

    ලංවිම සේවකයින් සඳහා කලින් ගෙවා ඇති ඕනෑම දිරිදීමනාවක් සහ ප්‍රසාද දීමනා මෙයට ඇතුලත් වේ.

    2015 සිට සෑම වසර 3 කට වරක් ගෙවනු ලබන 25% වැටුප් වර්ධකය ද අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක නොවන බවද හෙතෙම සිය ලිපියෙන් දන්වා ඇත.

    තවද ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති වර්ගීකරණ 21ක් යටතේ වන විවිධ දීමනා සහ දිරිදීමනා සඳහා 2023 වසරේ ගෙවූ මුදල, ගෙවන ආකාරය, එක් එක් ලංවිම නිලධාරියෙකුට කුලියට ගෙන වෙන්කර ඇති වාහන සංඛ්‍යාව සහ කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳව තමා වෙත වාර්තා කරන මෙන් ද අමාත්‍යවරයා දන්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img