Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉන්දීය රියැලිටි තරඟයක කිරුළ දිනූ ශ්‍රී ලංකාවේ කිල්මීෂාට ජනපතිගෙන් සුබපැතුම්

ඉන්දීය රියැලිටි තරඟයක කිරුළ දිනූ ශ්‍රී ලංකාවේ කිල්මීෂාට ජනපතිගෙන් සුබපැතුම්

ඉන්දීය රියැලිටි තරඟයක කිරුළ දිනූ ශ්‍රී ලංකාවේ කිල්මීෂාට ජනපතිගෙන් සුබපැතුම්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධාන කළ “little champs 2023” රියැලිටි තරඟයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරඟයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇය වෙත සුබපැතුම් පණිවිඩයක් ද යොමු කර තිබෙන අතර, එසේම දැරිය දුරකථනය ඔස්සේ ද සම්බන්ධ කර ගනිමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත කටයුතු ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

https://youtu.be/WPIhbsTmFSg?si=kxWpQuyEyYEgGo9i

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here