Home special චීනය හෙල්ලෙයි – 111ක් මරුට -230කට තුවාල

චීනය හෙල්ලෙයි – 111ක් මරුට -230කට තුවාල

චීනය හෙල්ලෙයි – 111ක් මරුට -230කට තුවාල

වයඹ දිග චීනයේ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තවත් 230 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

චීනයේ ගන්ෂු පළාතට ඊයේ රාත්‍රියේ බලපෑ භූමිකම්පවෙන් අතුරුදන් වූවන් ගණන කොතෙක්දැයි තවමත් ගණනය කිරීමට හැකියාවක් ලැබී නැතැයි ද එම වාර්තා පවසයි.

ප්‍රාදේශීය හදිසි කළමනාකරණ සහ ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු ගලවා ගැනීමේ සේවකයින් 2300ක් පමම යෙදවූ බව චීන රජය පවසයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ ඇති වූයේ රික්ටර් මාපක 5.9 ක භූමිකම්පාවක් බවයි.

එමහින් දැඩි කම්පනයක් ඇති වූ බවත්, වැඩි ආර්ථික හානියක් සිදුවිය හැකි සහ පුළුල් ලෙස පැතිර යා හැකි බවත්ය ඔවුහු පවසා තිබුණි.

චීන බලධාරීන් පැවසුවේ භූ කම්පනය මැග්නිටියුඩ් 6.2 ක ඉහළ අගයක කම්පනයක් බව ය.

ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here