තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කහවත්ත හෙල්ලූ මාධ්‍යවේදියාගේ මවගේ ඝාතනයට බාල දියණිය අත්අඩංගුවට

    කහවත්ත හෙල්ලූ මාධ්‍යවේදියාගේ මවගේ ඝාතනයට බාල දියණිය අත්අඩංගුවට

    කහවත්ත ජනතාව නැවත භීතියට පත්කරමින් පසුගිය 13 වෙනිදා අභිරහස් ලෙස ඝාතනය වූ විනීතා ජයසුන්දර මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ බාල දියණියව කහවත්ත පොලීසිය අද (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    ගුවන් විදුලි මාධ්‍යවේදීයෙක් මෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ද මාධ්‍ය කටයුතුවල නිරතව සිටින ජනක සුනෙත් බණ්ඩාර මහතාගේ මව වන විනීතා ජයසුන්දර මාතාව ඝාතනය වී තිබුණේ ගෙල කපාය.

    කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරත ඇගේ බාල දියණිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගනු ලබන්නේ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මතය. සිය මව ඝාතනය කර ඇති බවට පොලීසියට පවා තොරතුරු ලබාදෙමින් ඇය මවගේ ඝාතනය සම්බන්ධයෙන් අසාමාන්‍ය ලෙස වියෝ වෙමින් සිටි බව පොලීසිය කියයි.

    මූලික විමර්ශනයේදීම ඝාතනය ඇය විසින් සිදු කළ බව පොලීසිය අනාවරණය කරගත්තද මරණය සම්බන්ධයෙන් අවසන් කටයුතු අවසන් වන තුරු ඇය කෙරෙහි ඇස ගසාගෙන සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුකල පසු පවුලේ ඥාතීන් පොලීසියට ගෙන්වා ප්‍රකාශ ලබාගෙන අවසානයේදී අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේය.

    කහවත්ත වැල්ලදුර පදිංචිව සිටිි 71 හැවිරිදි මෙම මවගේ ඝාතනයට අත්අඩංගුවටගත් දියණිය 38 හැවිරිදි අවිවාහක තැනැත්තියකි. ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටියේ සංවර්ධන නිලධාරිනියක ලෙසිනි.

    දියණිය තම මව නිවස තුළ දී ගෙල කපා මරා පැය කිහිපයකට පසුව නිවස පිටුපස ගෙන ගොස් දමා නිවසේ තිබුණු ලේ පැල්ලම් පවා සොදා පිරිසිදුකර කිසිවක් නොදන්නා ලෙස එදින පෙරවරු 11.40 සිය සේවා ස්ථානයට වාර්තා කර ඇති බව පොලීසිය කියයි.

    පස්වරු 3.40 ට නැවත ඇය කාර්යාලයේ සිට නිවසට පැමිණ මව මරා දමා ඇති බව කියමින් කෑගසා අසල්වාසීන්ව කැදවා තිබේ.

    මේ ගැන පොලීසියට දුරකථන ඇමතුමක් ලද පසු ගොස් විමර්ශනය කිරීමේදී මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් දියණියගේගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇත.

    රත්නපුර පොලිස් නිළ සුනඛ “මාෂි“ ගෙන්වා කළ සෝදිසියේදී මාෂි ගමන්කර ඇත්තේ නිවස තුළටය.

    එහිදී මාෂි යම් ස්ථානයක් ඉවකර ඇති අතර ලේ පැල්ලම් සෝදි තිබී ඇත්තේ එම ස්ථානයේය.

    ඇයව මරා දමා ඇත්තේ එතැනදී බව පසුව කළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img