Home උණුසුම් පුවත් පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය පත්කරයි – බැසිල්ගේ පුටුව හිස්

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය පත්කරයි – බැසිල්ගේ පුටුව හිස්

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය පත්කරයි – බැසිල්ගේ පුටුව හිස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට අයත් තනතුරු අද පත්කරගෙන තිබේ.

ඒ ජාතික සංවිධායක ධුරය නොමැතිව ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය මෙතෙක් දරන ලද්දේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

අද දේශපාලන මණ්ඩලය පත්කර ගැනුණද ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට හේතු වී ඇත්තේ ඒ සඳහා තරුණ නායකයෙකු පත් කළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා විසින් පැවසීම යැයි පක්ෂ සාමාජිකයෝ පවසති.

ඊයේ දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති පක්ෂයේ ජාතික මහා සම්මේලනයේදී පක්ෂ නායකත්වයට යළිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගැනීමට පියවර ගැනුණි.

මේ අනුව දැනට හිස්ව පවතින පක්ෂයේ ජාතික සංවිධායක ධුරය පිළිබඳ පක්ෂ නායකයා සමග තවදුරටත් සාකච්ඡා කොට, පත්කිරීම සිදු කරගන්නා බව පොදුජන පෙරමුණේ සාමාජිකයෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here