තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටම වසා කළු වළාවෙන් බර වෙයි -අකුණු අරන් මහ වැස්සත්

    රටම වසා කළු වළාවෙන් බර වෙයි -අකුණු අරන් මහ වැස්සත්

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය හා සම්බන්ධව ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, නැගෙනහිර පළාත් සහ නුවරඑළිය, පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

    මෙම කාලගුණික තත්ත්වය පිළිබඳ දැනුම් දීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරු 9.30ට නිකුත් කළ අතර එය හෙට පෙරවරු 9.30 දක්වා වලංගු වේ.

    පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා ගං ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම අද දිනටත් අදාළ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    මේ වනවිට මෙරට ප්‍රධාන ජලාශ බොහොමයක ජලය පිටර මට්ටමට පැමිණ තිබේ.

    එබැවින් ජල විදුලි ජනනය ද උපරිම ධාරිතාවෙන් ජනනය කරනු ලබයි.

    දින ගණනාවක සිට පවතින අධික වැසි හේතුවෙන් විශාල ගල් පෙරලීම්, ගස් කඩාවැටීම්, පස් කඳු කඩාවැටීම් හෝ නායයාම් සිදුවිය හැකි බැවින් එවැනි පිහිටීම් ආශ්‍රිත ජනතාවත් මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ද මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස බලධාරීහු දන්වා සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img