තවත්
    මුල් පිටුවspecial"සටන් විරාම ඉල්ලීම් නොතකා අඛණ්ඩව යුද්ධ කරනවා" -ඊශ්‍රායලය

    “සටන් විරාම ඉල්ලීම් නොතකා අඛණ්ඩව යුද්ධ කරනවා” -ඊශ්‍රායලය

     
    සටන් විරාමයක් පිළිබඳ ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා පලස්තීන ගාසා තීරයට  හමුදා ප්‍රහාර අඛණ්ඩව එල්ල කරන බව ඊශ්‍රායල නායකයෝ පවසති.  ඊයේ (14) ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan ට ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත.
     
    Jake Sullivan සමග මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant කියාසිටියේ, හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට දිගු කාලයක් අවශ්‍ය බවත්, එය තවත් මාස කිහිපයකට වඩා වැඩි කාලයක් පවතිනු ඇති බවත් ය.
     
    ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ දී දෙපාර්ශ්වය අතර පැවති මෙම හමුවේ අරමුණ වූයේ ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර, ලෙබනනය සමග පවතින දේශසීමා ගැටුම සහ ගාසා හි ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ සාකච්ඡා කිරීම බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට මෙන්ම ඊශ්‍රායල සංචාරක නගරයක් වන අයිලට් වෙත යේමනයේ හවුති කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර පිළිබඳව මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ඇමතිවරයා පැවසුවේ, නාවික තර්ජනවලට මුහුණ දීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට ඊශ්‍රායලය සහාය දෙන අතර ඕනෑම තර්ජනයකට එරෙහිව ක්‍රියා කරන බවයි.
     
    අනතුරුව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමු වී ඇති බව ද වාර්තා වේ. අවි ආයුධ සැපයීම, සටන නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සාහයන් වැළැක්වීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට දක්වන සහය වෙනුවෙන් ඇමරිකාවට සිය ස්තුතිය පිරිනමන බව ද ඊශ්‍රායල අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායලය ත්‍රස්තවාදී තර්ජන භාර ගනිමින් ක්‍රියා කරන විට ඒ වෙනුවෙන් ඇමරිකාවේ සහය අඛණ්ඩව ලැබෙනු ඇතැයි ද Jake Sullivan ප්‍රකාශ කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img