තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජසභා මණ්ඩපය කඩාදැමූ කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5ක් හිරේට

    රාජසභා මණ්ඩපය කඩාදැමූ කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5ක් හිරේට

    කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පස්දෙනකු වරදකරුවන් කරමින් දඩ මුදල් සහ බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල මහාධිකරණය අද තීන්දු කර තිබේ.

    ඒ ඓතිහාසික බුවනෙකබාහු රජු සමයේ ඉදිකළ බවට සැළකෙන කුරුණෑගල පිහිටි රාජසභා මණ්ඩපය විනාශකිරීමේ සිද්ධියට තමන් වෙත එල්ල වූ සියලු චෝදනාවලට ඔවුන් වරද පිළිගැනීමත් සමඟ ය.

    එහිදී චෝදනා 05 කට අදාළව ඔවුන් වරද පිළිගෙන ඇත.

    ඒ අනුව මිලියන 13.75ක මුදලක් මුදලක් අලාභය ඔවුන්ගෙන් අය කර ගැනීමටත්, පළමු චෝදනාවට චූදිතයන් 05 දෙනාටම බරපතළ වැඩසහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් ද නියම කර ඇත.

    02 චෝදනාවට වැඩපාලකට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50.000ක දඩයක් නියම කර තිබේ.

    එසේම 03 වැනි චෝදනාවට, හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරුවරයාට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවීමට නියම කර ඇත.

    04 වන චෝදනාව සම්බන්ධයෙන් වැඩපාලකට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට බරපතළ වැඩසහිතව වසරක සිරදඬුවමක් සහ රුපියල් 50.000ක දඩයක් නියම කර තිබේ.

    05 වන චෝදනාවට, හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරුවරයාට බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවීමට නියම කර ඇත.

    එහිදී චුදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ සිර දඬුවම් එකවර ගෙවී යන ආකාරයට ලබාදෙන ලෙසට ය.

    මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

    විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, නගරය ආරක්ෂා කළ යුතු අය එය විනාශ කරන්නේ නම් බරපතල වරදක් බව ය.

    එය රාජ්‍ය නිලධාරීන් සහ පාලකයන් සිය වගකීම් පැහැරහැරීමක් සහ බලය අයුතු ලෙස භාවිතකිරීමක් බව ද විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img