තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුපිරි තරුවට ක්‍රිකට් ලොකු පුටුවක්

    සුපිරි තරුවට ක්‍රිකට් ලොකු පුටුවක්

    ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය මහතා විසින් අධීක්ෂණය කිරීම සිදුකරනු ඇත.

    වසරක කාලයක් සඳහා මෙම පත්කිරීම වලංගු වනු ඇත.

    ඒ අනුව, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය සමඟ කටයුතු කරන සියලුම කණ්ඩායම්වල පුහුණුකිරීම හා පුහුණු අවශ්‍යතා, දැනට ක්‍රියාත්මක වන ක්‍රීඩක සංවර්ධන සැලැස්මට අනුකූලව පුද්ගල කුසලතා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක කළමනාකරණ පද්ධතියට සමගාමීව සියලුම ක්‍රීඩකයන්ගේ අනුකූලතාවන් ඔහු විසින් අධීක්ෂණය කරනු ඇත.

    ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ තවත් කාර්යභාරයන් කිහිපයක් ඔහුට පැවරෙනු ඇතැයි ද සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img