චීන ජනපති ආර්යාව සහ වියට්නාම ජනපති ආර්යාව හැනොයි ජාතික විශ්වවිද්‍යාලයේ චාරිකාවකට එක්වෙති.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආර්යාව වන පෙන්ග් ලීයුවාන් මහත්මිය සහ වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතාගේ ආර්යාව වන Phan Thị Thanh Tâm මහත්මිය අද (13) වියට්නාම හැනොයි ජාතික විශ්වවිද්‍යාලය නැරඹූහ.
එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හා ජාත්‍යන්තර හුවමාරු පිළිබඳව පෙන්ග් ලීයුවාන් මහත්මිය එහිදී කරුණු විමසා සිටියාය.
අධ්‍යාපන හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කරමින්, අධ්‍යාපනය ලැබීම සඳහා චීනයට පැමිණෙන ලෙස වියට්නාම තරුණයන්ට ඇරයුම් කරන බවත්, එමගින් අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය ශක්තිමත් වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
එරට චීන බස හදාරන සිසුන්ගේ භාෂා කුසලතා පෙන්ග් ලීයුවාන් මහත්මියගේ පැසසුමට ලක්විය. දෙරට මිත්‍රත්වය ඉදිරියට ගෙන යන ලෙස චීන ජනපති ආර්යාව ඔවුන් දිරිමත් කළාය.