Home special ගාසා සටන් විරාම යෝජනාවට එරෙහි වූ ඇමරිකාව ගැන චීනයේ කනස්සල්ල

ගාසා සටන් විරාම යෝජනාවට එරෙහි වූ ඇමරිකාව ගැන චීනයේ කනස්සල්ල

ගාසා සටන් විරාම යෝජනාවට එරෙහි වූ ඇමරිකාව ගැන චීනයේ කනස්සල්ල

 

ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි කනගාටුව පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළාය.
ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට පසුගිය 8 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඡන්ද විමසීමක් පැවැත්වීය. ඊට එරෙහිව ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීම හේතුවෙන් එය නිෂ්ප්‍රභ විය. මේ සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ල පළකරන බව මාඕ නිං මහත්මිය කියාසිටියාය.
 
ගැටුම්වල අඛණ්ඩ පැවැත්මට අයුතු ලෙස අනුබල දීමෙන් තවදුරටත් සිවිල් වැසියන් විශාල පිරිසකට හානි සිදු වනු ඇත. ලෝකයට පුළුල් බලපෑමක් එල්ල කළ හැකි විශාල රටක් ලෙස ඇමරිකාව සටන් විරාමයක් සඳහා සක්‍රිය කාර්යභාරයක් ඉටු කළ යුතු බව ද මාඕ නිං මහත්මිය අවධාරණය කළාය.
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here