Home උණුසුම් පුවත් දෙවැනි වාරිකය ගැන තීරණය කරන IMF තීරණාත්මක සාකච්ඡාවක් අද

දෙවැනි වාරිකය ගැන තීරණය කරන IMF තීරණාත්මක සාකච්ඡාවක් අද

දෙවැනි වාරිකය ගැන තීරණය කරන IMF තීරණාත්මක සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇති මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය අද (දෙසැ 12) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිතව තිබේ.

එහි පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර, මෙම සමාලෝචනයෙන් පසුව දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා වන අනුමැතිය හිමිවනු ඇති බව ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

ඒ අනුව EFF යටතේ ශ්‍රී ලංකාවේ දීර්ඝ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ පළමු සමාලෝචනය, කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම අත්හැරීමේ ඉල්ලීම, කාර්ය සාධන නිර්ණායක වෙනස් කිරීම සඳහා වන ඉල්ලීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ ප්‍රවේශය නැවත ඉවත් කිරීම අද සලකා බැලීමට නියමිතය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහත වැටීමෙන් පසු දශක හතක් තුළ එහි දරුණුතම මූල්‍ය අර්බුදයට ඇද වැටීමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් අනුමත කරගැනීමට කටයුතු කළේය.

මෙම මුදල් වාරික වශයෙන් ලැබෙන අතර ඒ අතරතුර එම මුදල් භාවිත කරන ආකාරය, මෙරට ආර්ථිකය යළි නගාසිටුවීමේ වැඩපිළිවෙළ, එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ එම අරමුදල විසින් සමීපව නිරීක්ෂණය කරමින්, නිර්දේශ ඉදිරිපත් කරමින් සහ සමාලෝචනයේ යෙදීම සිදුකරයි. ඊළගට අනුමත වාරිකය ලැබෙන්නේ ඉහත කරුණුවලට අදාළ සියලු කොන්දේසි සපුරාලීමෙන් පමණි.‍ මේ සඳහා ශ්‍රී ලංකා රජය රාජ්‍ය ආදායම වැඩිකරගැනීම, දේශපාලනය ස්ථාවරභාවය පෙන්වීම යන කරුණු ද සැපරීම අනිවාර්ය වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබෙනු ඇති බවට ශ්‍ර්‍රී ලංකා බලධාරීන් විශ්වාසය පළකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here