තවත්
    මුල් පිටුවspecialක්‍රේම්බ්‍රිජ් ඉංග්‍රීසි සම්මාන ප්‍රදානෝත්සවය හෙට

    ක්‍රේම්බ්‍රිජ් ඉංග්‍රීසි සම්මාන ප්‍රදානෝත්සවය හෙට

    ක්‍රේම්බ්‍රිජ් ඉංග්‍රීසි විභාග සමත්වන දරුවන් වෙනුවෙන් රෙෂාන්ති විතානගේ ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන ප්‍රදානෝත්සවය-2023 හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතන (ITUM) ශ්‍රවණාගාරයේ දී හෙට (13) පස්වරු 2 සිට 6 දක්වා පැවැත්වෙයි.

    මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British Council) විභාග අධ්‍යක්ෂ ඩොමිනික් හඩ්සන් (Dominic Hudson) මහතා එක්වීමට නියමිතව ඇත.

    මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ දී විවිධ කාණ්ඩ යටතේ විශිෂ්ටත්වයට පත් සිසුන් 738 දෙනෙක් සම්මානයට පාත්‍රවෙති.

     ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන රෙෂාන්ති හිමාලිකා විතානගේ මහත්මිය, කොවිඩ් තත්ත්වයෙන් පීඩාවටපත් දරුවන්ට ඉගැන්වීම අරමුණු කරගනිමින් 2020 අප්‍රේල් මාසයේ දී ක්‍රේම්බ්‍රිජ් ඉංග්‍රීසි සුදුසුකම් සොයන දරුවන් සඳහා ලංකාවේ පළමු වතාවට ඔන්ලයින් පන්ති ඉගැන්වීම් ක්‍රමය ආරම්භ කර තිබේ.

    පිළියන්දල රෙෂාන්ති විතානගේ ආයතනය ලෙස එදා කොවිඩ් සමයේ ළමුන් 50 දෙනෙකුගෙන් ආරම්භ කළ ඔන්ලයින් පන්තිය සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඉතා සීඝ්‍රයෙන් දරුවන් ඒකරාශි වී තිබේ. ඉංග්‍රීසි ඉගැන්වීමේ දී භාවිතා කරන සුවිශේෂී ඉගැන්වීම් ක්‍රම හේතුවෙන් රෙෂාන්ති විතානගේ මහත්මිය දරුවන් අතර ද ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූවාය.

    ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council) ඇයගේ මෙම කාර්යභාරය 2023 වසරේ අවස්ථා කීපයක දී ඇගයීමට ලක් කර තිබේ.

    ඒ අනුව ඇය දක්වන සුවිශේෂත්වය සහ කැපී පෙනෙන කාර්ය සාධනය අගයමින් 2023 මාර්තු 17වැනි දින බ්‍රිතානය කවුන්සිලය ගුරුවරියකට සිය ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන විශිෂ්ටත්වයේ (Lifetime achievement) සම්මානය සහ ලෝකඩ කාණ්ඩයේ සම්මානයත්, Driving Success සම්මානය පිරිනමා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img