Home දේශීය පුවත් දේශපාලනය වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන් බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවයි

වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන් බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවයි

0
වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන් බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන සබ්රි රහීම් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉෂාක් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය ඒ අනුව අත්හිටුවනු ඇත.

මේ අය සම්බන්දයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ගයන් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක නීතීඥ එන්.එම්. සහීඩ් මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here